ඉෂාරා සඳමිණි සහ අනුර පතිරණ කියන්නේ හැමෝගෙම ආදරය දිනාගත්ත කලා යුවලක්.
පුංචි දියණියකගේ ද ආදරණීය මව්පියන් වන ඔවුන් මේ වෙද්දී සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා.
ඉතිං මේ ආදර කතාවේ ලස්සන පරිච්ඡේද ගොඩක් මේ වෙනකොට ගත වෙලා.
ආදරය ගැන පළවූ සටහනක් උපුටාගෙන ඉෂාරා සිය Facebook ගිණුමේ මෙලෙස පළ කරලා තිබුණා.
ඔයා මීට වසර කිහිපයකට පෙර මගෙන් ඇසුවා නම්,
ආදරය කියන්නේ මොකක්ද කියලා
මම කියන්නේ..?
“බඩ ඇතුලේ සමනලුන් ඉන්නවා වගේ දැනෙනවා, හදවත ගැහෙනවා වගේම චකිතයක් දැනෙනවා කියලා”..
නමුත් දැන්,
මම ආදරය කියන්නේ…,
සාමය, සැනසීම, අවබෝධය, මානසික සුවය එකට එකතු වුණ මිශ්ර හැඟීමක් කියලා.
දුකේදී අඬන්නට උරහිසක්
ලැබෙන එක,
අඳුරු කාලවලදී ලඟින් ඉන්න පුලුවන් කෙනෙක් ලැබෙන එක,
දුක සතුට එකට බෙදා ගන්න පුලුවන් කෙනෙක් ලැබෙන එක තමයි,