සකල කලා සක්විති ජැක්සන් ඇන්තනී මහතාගේ අවසන් කටයුතු අද (12) පස්වරුවේ සිදු කෙරුණා.
අවමංගල්‍ය සභාවේ ස්තූති කතාව සිදු කළ සජිත ඇන්තනී සිය පියා ගැන වගේම ඔහුට අනතුර සිදුවුණ වෙලාවේ උදව් කළ පුද්ගලයකුට සිය ස්තූතිය පල කළා.
ඒ තමයි අනතුර සිදුවූ වෙලාවේ ජැක්සන් ඇන්තනී මහතාව රෝහල්ගත කළ පුද්ගලයාටයි.
එම පුද්ගලයාගේ නම “ප්‍රියන්ත” ලෙස දැනගෙන සිටියත් ඒ ගැන කිසිදු තොරතුරක් දන්නේ නැහැ කියලයි සජිත කිව්වේ.
කොහොමවුණත් ජැක්සන් ඇන්තනී මහතාගේ අවමංගල්‍ය සභාවේ දී ඒ පුද්ගලයාට ස්තූති කරන්නත් සජිත අමතක කළේ නැහැ.