අද (12) පස්වරුවේ පැවති අභාවප්‍රාප්ත ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ අවමංගල්‍ය උත්සවයේදී ඔහුගේ පුත් සජිත ඇන්තනී සිදු කළ ස්තූති කතාව මේ වන විට දැඩි කතාබහකට ලක්වෙලා තියෙනවා.
ඒ, ජැක්සන් ඇන්තනී මහතා රෝහල්ගතව සිටින කාලයේ ඔහුට සහ පවුලේ පිරිසට එල්ල වූ චෝදනාවලට සජිත එහිදී ප්‍රතිචාර දැක්වීමයි.
එම ප්‍රකාශයන් මේ වන විට බොහෝ පිරිසකගේ කතා බහට ලක්ව ඇති අතර වැඩි දෙනෙක්ගේ අවධානය ද ඒ වෙත යොමු වෙලා තියෙනවා.
“අප්පච්චි අන්තිම වන තෙක් හුස්ම ගත්තේ අපි රෝහලට පරිත්‍යාග කළ මැෂිමෙන්. ඒ මැෂින් එකට තමයි සමාජ මාධ්‍යවලින් විවේචන එල්ල කළේ. මේ වෙනකොට ඒ මැෂින් එක තව කෙනෙක්ට හුස්ම දෙනවා ඇති. ඉදිරියේ දී කී දෙනෙක්ට ඒ මැෂින් එක හුස්ම දෙයිද ? ඒත් අපි එල්ල වුණ විවේචනවලට ප්‍රතිචාර දැක්වුවේ නෑ. ඒ වුනාට මින් ඉදිරියට මම කට වහගෙන ඉන්නේ නැහැ, දිගටම ඒ ගැන කතා කරනවා.”