කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන් විවාහ වී වසර 11 ක් ගතවීම නිමිත්තෙන් ඔවුන් දෙදෙනාගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාල වෙත නිකුත් කර තිබෙනවා
සයිෆ්ගේ සහෝදරිය සබා , කරීනාගේ ඥාති සොහොයුරිය වන රිද්දිමා කපූර් ,නළු සංජේ කපූර් සහ ඔහුගේ බිරිඳ මහීප් කපූර් , මලයිකා අරෝරා වැනි අය ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කර තිබෙනවා
සයිෆ් අලි ඛාන් සහ කරීනා කපූර් 2012 වසරේ දී විවාහ දිවියට ඇතුලත් වුණා
2016 දෙසැම්බර් මාසයේදී පළමු පුත් තයිමූර් අලි ඛාන් ඉපදීමෙන් ඔවුන් දෙමව්පියන් බවට පත්වුණා
2021 පෙබරවාරි මාසයේදී දෙවෙනි පුත් ජෙහන්ගීර් අලි ඛාන් උපත ලබා ඇති බවයි පැවසෙන්නේ
මේ අතර, කරීනා කපූර්ගේ The Buckingham Murders චිත්‍රපටය London Film Festival හි මංගල දර්ශනය ආරම්භවීමත් ඔවුන්ට සැමරීමට තවත් එක් හේතුවක් වුණා
චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Hansal Mehta විසින්.
මේ දිනයේ කරීනා ඇගේ චරිතය වන ජස් භම්රාගේ පින්තූර කිහිපයක් Instagram හි බෙදා ගත්තා .
“Jas මම පසුගිය අවුරුදු 23 තිස්සේ රඟපාන්න බලාගෙන හිටපු චරිතයක්” කියලත් කරීනා එහි සඳහන් කර තිබුණා