ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකු, පුවත්පත් කලාවේදියෙකු මෙන්ම මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වූ ආචාර්ය බුද්ධි කීර්තිසේන මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අද (17) පෙරවරුවේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති අතර මිය යන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවුණා.
දේහය හෙට (18) පෙරවරුවේ සිට අනිද්දා (19) පෙරවරු දක්වා අංක 158/3, ලේක් ඩ්‍රයිව්, කොළඹ 8 දරණ ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
අවසන් කටයුතු ලබන 21 වනදා පස්වරු 4.00 ට කොස්වාඩිය සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.
බුද්ධි කීර්තිසේන මහතා ප්‍රවීණ චිත්‍රපට අධ්යක්ෂ බූඩි කීර්තිසේන මහතාගේ පියාණන් ද වනවා.