ජැක්සන් ඇන්තනී කලාකරුවා අපෙන් සමුගත්තත් තවමත් ඔහු ගැන කතාබහට ලක්වෙනවා.
ඉතිං ඇන්තනී මහතා සහ ඔහුගේ පවුලේ අය ගැනත් නිරන්තරයෙන් හැම දෙනාගේම අවධානය යොමු වෙනවා.
මේ අතරතුරේදී ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් පුත් අඛිල ධනුද්දර සිය Facebook ගිණුමේ සිය මව වන කලා ශිල්පිනී කුමාරි මුණසිංහ මහත්මිය ගැන අපූරු සටහනක් තබා තිබුණා.
පහුගිය අව්රුද්ද පුරාවට 3න් වේලට සුප් තම්බපු අම්මාට අප්පච්චිව නැවත නැගිට්ටවනන තිබුනේ පුදුම අදිෂ්ඨානයක්💪 .අම්මට උදව් ලැබුනා අපේ නෑදෑ පරපුරෙන් ,අපෙන්….. දිනූෂා අක්කාගෙන්♥️ (දිනූශා අක්කයි ,අම්මගෙ චූටි නංගි චූටි පුංච් අම්මවයි නම්❤️ අපිට දෙවියො එවපු අය) කොහොම හරි අවසානයේ………… 🤍ඒවා…කියල වැඩක් නෑ…….
අම්ම මේවා කොහොම ඉවසනවද මන්දා?
එයා පහුගිය අවුරුද්දේ හයියට ඉදලා අප්පච්චිගෙ වැඩ බැලුවා😔එච්චර බලාපොරොත්තුවක් තියන් ඉදල ඒක කඩවෙලත්❌ ….ඒ වගේම එතනින් එහාටත් අපිට ආදර්ශයක් වෙන්නද කොහෙදෝ කෙලිං ඉන්නවා ,හයියට ඉන්නවා 💪♥️…
අප්පච්ච හැමවෙලේම කිව්වා 1983 ඉදං “ජැක්සන් ඇන්තනී” කෙනෙක් නෑ ‘කුමාරි මුණසිංහ’ නැත්තං කියලා අපිට ඒ කතාවත් කිව්වා🌸(ඒක දිග කතාවක්🥹) අපිට කියන්න තියෙන්නේත් අපිත් 2022 ඉදං නෑ “කුමාරි මුණසිංහ” ගේම අතට ගත්තෙ නැත්නං🫡 මට මගෙ අම්මා ගැන පුදුම ආඩම්බරයි😘…
ඒ වගේම එයාගේ හයිය හිත රිද්දන්න බලන මුකුත් නොදන්න “චූටී දරුවො ” ගැන දුකයි😂👍