ඊශ්‍රායලයේ දී අතුරුදන්වූ අනෙක් ශ්‍රී ලාංකිකයා මියගොස් ඇති බව එරට ආරක්ෂක අංශ විසින් දැනුම් දී ඇති වුවද ඒ සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් තහවුරු කර ගැනීමක් සිදු නොකළ බව තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
කෙසේවෙතත් ඔහුගේ දේහය සහ දරුවන්ගේ DNA සාම්පල පරීක්ෂා කර බලන තෙක් එම නිල තහවුරු කර ගැනීම සිදු කළ නොහැකි බවයි තානාපතිවරයා සඳහන් කළේ.
ගාසා තීරයේ පවතින යුද ගැටුම සමග උද්ගත වී ඇති අර්බුද සහ එය ශ්‍රී ලංකාවට බලපාන ආකාරය සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ Zoom තාක්ෂණය ඔස්සේ පැවති විද්වත් සාකච්ඡාවට එක්වෙමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා මේ බව ප්‍රකාශ කළා.
ප්‍රහාර හමුවේ තුවාල ලැබූ අනෙක් ශ්‍රී ලාංකිකයා ද තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්.
ඔහු වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඊශ්‍රායලය වෙත පැමිණ ඇති බැවින් එරටින් වන්දි මුදලක් හිමි නොවන බවයි තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ.
ඒ අනුව ඔහුගේ පවුලේ සාමාජිකයින් මුහුණ දෙන දුෂ්කරතා සළකා බලා මාස කිහිපයක් සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනයට අවශ්‍ය පියවර ගත් බව ඔහු ප්‍රකාශ කළා.