අපේ රටේ සිටින ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ.
ජනප්‍රිය ගායකයෙකු වන මධුමාධව අරවින්ද සමග විවාහ වී මේ වන විට ඔහුගෙන් වෙන් වෙලා සිය දියණිය සමග නිල්මිණි තෙන්නකෝන් සිය කලා කටයුතු කටයුතු සමබරව සිදු කරගෙන යනවා.
මධුමාධවගේ පියා වන ප්‍රවීණ ගායන ශිල්පී, සංගීතඥ සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ සුනිල් සිරිවර්ධන මහතා පසුගිය 29 වනදා පෙරවරුවේ අභාවප්‍රාප්ත වුණා.
සුනිල් සිරිවර්ධන මහතාගේ අවසන් කැමැත්ත මත එදිනම පස්වරුවේ ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණා.
ඉතිං මධුමාධවගේ පියාගේ හදිසි වෙන්වීම ගැන ඇය සිය Facebook ගිණුමට මෙලෙස සංවේදී සටහනක් එක් කරලා තිබුණා.
කඩුපුල් මලක් වෙලා පිපුනා දුරුත්තේ…යන්නම ගියා ආයෙ නොයන ගමනක් විශාරද සුනිල් සිරිවර්ධනයන් මට මුණගැහුනේ 1992 පූජිත ගුණතිලකඅධ්යක්ෂණය කළ පිණිබිඳු ටෙලි නාට්‍ය තුළින්,එතුමා මා දුටු පලවෙනි දවස සුහද ශීලීව සිනාසී දීප්ති නමින් මට ආමන්ත්‍රණය කරා මාද සිනාසුණා “පිණිබිඳුනාට්ය” මගේපෙම්වතා ලෙස රඟපෑවේ මධුමාධව අරවින්දමේ මගේ තාත්තා යැයි කියා මට අඳුන්වා දුන්නා මා දැන සිටියාගොඩාක් ගායක ගායිකාවන් ජාතික රූපවාහිනිය රූප රචනා තුලින් හඳුන්වාදුන්මෙතුමන් බව,සුන්දර මතකයන් සමග 95 වසර කවදාවත් අමතක නොවේවි,ලස්සන පරිච්ඡේදයක ආරම්භය,මෙතුමා විසින් අධ්‍යක්ෂණය කළ….. “කුල විලොකනය “ටෙලිනාට්ටිය,නේත්‍රාංජලී ටෙලි නාට්යයකීපයක්ම මා ප්‍රධාන චරිත නිරූපණය කළ මේ හැමදේකටම වඩාඒ කටහඬේ තිබුණු වටිනාකමට වටිනාකමක් ලැබුණේ නැහැ මෙතුමාට… ,ලඹ සවන් රන් පටින් ,”මුහුද හඬන වෙලාවේ”,රණ්ඩු වෙවී යාළු වෙවී,”කොවුලා හඬලනු නෑ මට ඇසුනේ”,මේ ගීත සියල්ලක්මමා බෙහෙවින් ප්‍රිය කරා” මේ ගීතමෑත කාලයේ මධු විසින් නැවත ගායනා කරා,මේ හැමදාම සුන්දර මතකයන්හැමදාමත් එ මතකයන් වලට මා ආදරෙයි,මෙතුමන් මුලින්ම මිනිබිරියගේ මූණ දැක්ක දවස මොන තරම් සතුටකින් අපි ඒ සතුට බෙදා ගත්තද ජීවිතයේ කියන්නේ මෙහෙම තමයි සතුට කියන එක හැමදාම තියා ගන්න අමාරුයි අද දවසේමානොදැක්කත් මාසෙකට කලින් දුවගේ සීයවමම ගිහිල්ලා බලුවාමට පපුව පැලෙන්න දුකක් ආවා….අද.මට ආරංචිය ලැබෙන කොටඉක්මනින්ම වැඩකටයුතු ඉවර කරලා තිබුණා මං ඒ ගරුත්වය හැමදාම තියෙනවා තතාත්තාට ඇස් දෙක පියා ගත්තම අතීතයේ ගොඩක් දුරට දිව ගියා පරණ albam පෙරළුවාමගේ කඳුල මං තනියම පිසගත්තාමා කුඩා කාලයේ මගේ තාත්තානැති උනාටපස්සේ මං හදවතින්ම ඔයාට තාත්තා කිව්වේ මාලිගාවත්ත ගෙදරජනේලයෙන්අපි ඈතට යනකම්මඔයා අම්මාඅතවනනවාහැමදාම,ඒ තමයි මගේ අතීතය ආදරේතාත්තේ ඔයාට නිවන් සුවලැබේවා