නව පරපුරේ ජනප්රිය රංගන ශිල්පිනියන් අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ.
ඉතිං ඇය නුදුරේදීම ජනප්රිය රංගන ශිල්පී සංගීත් සතරසිංහ සමග විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ.
දිනිති ගැන අපූරු සටහනක් සංගීත් සිය Facebook ගිණුමේ තබා තිබුණා.
ඒ, දිනිතිගේ උපන්දිනය වෙනුවෙන්.
මැනික අපි පහු කරන් ආ දුර බොහොමයි. මගේ ජීවීතේ මග ඇරුනු බොහොමයක් දේ එලිය කරන්න ඔයාගෙන් ලැබුන දෑ බොහොමයි.සතුට සාර්ථකත්වය දකින්න පසු කල රලු පෘශ්ඨ බොහොමයි.තුටු වෙන්න තැබූ මුල්ගල්, එකතු කල මතක, පසක් කල ජය ටැම් බොහොමයි.තැබුව , තියන සෑම පියවරක්ම ශක්තිමත් උනේ මේ ආදරේ දුන් හයිය නිසා.ලස්සනම කොටස් වල ආරම්භය විතරයි යා යුතු දුර බොහොමයි ඒත් හිතේ භයක් නෑ ඒ මැනික ඔයා නිසා. ආදරෙයි 😘😘… ඔයාට සුභම සුහ උපන්දිනයක් 🥰🥰