ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වූ දිනේෂ් ෂාෆ්ටර් මහතා ගේ මරණය අපරාධයක් බවට අධිකරණය නියම කර තිබෙනවා.
ඒ අනුව, එම අපරාධයට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට නියෝග කර ඇත්තේ.
ගෙල සහ මුහුණ මත සිදු කළ පීඩනයක් හේතුවෙන් එම මරණය සිදුව ඇති බවට නිගමනය කර ඇති අතර, අධිකරණය විසින් පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාවට අනුව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.