හමාස් සංවිධානය විසින් ප්රාණ ඇපකරුවෙකු ලෙස රැගෙන ගොස් සිටි බවට සැක කළ සුජිත් යටවර බණ්ඩාර මහතා මියගොස් ඇති බවට ඊශ්රායල පොලීසිය තහවුරු කළ බව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා.
හඳුනානොගත් මළ සිරුරක් හා ඔහුගේ දරුවන්ගේ DNA සාම්පල සමග සැසඳෙන බවට ඊශ්රායල පොලීසියේ ඉන්ටර්පෝල් ශාඛාව අද (03) සනාථ කර ඇති බවයි තානාපතිවරයා සඳහන් කළේ.
ඒ අනුව ආගමික වතාවත් සහ ජනතා ගෞරවයන් පිරිනැමීමෙන් අනතුරුව ඔහුගේ සිරුර කොළඹ බලා පිටත් කරවීමට නියමිතව තිබෙනවා.
සුජිත් බණ්ඩාර යටවර මහතාගේ අභාවය පිළිබඳව ඊශ්රායලයේ සිටින ශ්රී ලාංකිකයන් මෙන්ම තානාපති කාර්යාලය ශෝකය පළ කරන බවයි තානාපති නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේ.