ප්රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභාවප්රාප්ත වී හරියටම මාසයක් ගත වෙලා.
ඒත් ඔහු ගැන තියෙන මතකයේ නම් අඩුවක් වෙලා නැහැ.
ඉතිං ජැක්සන් ඇන්තනී මහතාගේ පුත් අඛිල ධනුද්ධර අපූරු සටහනක් සිය Facebook ගිණුමේ සටහන් කරලා තිබුණා.
හැබැයි ඒ ඔහුගේ මව වන ප්රවීණ රංගන ශිල්පිනි කුමාරි මුණසිංහ ගැනයි.
අම්මා ඉස්සර පොඩි දේටත් අඬනවා,අප්පච්චි විහිලුත් කරනවා අපිත් කියනවා එපා කියල ඒත අඩනවා, හැබැයි දැන්නම් ඒක ටිකක් වෙනස්. ජීවිත අත්දැකීම් අපිව වෙනස් කරනවා🌸🌸🌸
අදට මාසයයි🌸🙏🏻🌸
මාසෙකට කලින් සිද්ද වෙච්ච සිද්ධිය ගැන මං තාමා හරියට හිතලා නෑ… මගේ සිතුවිල්ල “අපි කොහොම හරි අප්පච්චිව හොදකරගෙන ගෙදර ගේමු” වගේ එකක්🙂
ඒ සිතුවිල්ලට Suport කරන්න මගේ දුව(Aranya) ලොකු දෙයක් කරනවා 👍එයාට අනුව සීයාතාත්තා ජේසු ලගට බෙහෙත් ගන්න ගිහින්🙂💊🩺
අම්මා අද උදේත් පාන්දර ඇහැරලා වැඩ “මට හිතෙන්නෙම අප්පච්චිගේ උදේ Soup එක ලෑස්ති කරනවා කියලා”
තුන් වේලට සුප් නැති උනාට අම්මාත් තාමා වැඩ ඉවර නෑ අප්පච්චි ඉන්න තැනක සතුටින් තියන්න පූජා,ධර්ම කටයුතු🌸🙏🏻🌸…
ඒ වගේම මේ පහුගිය මාසේ අපි වෙනුවෙන් දුක් වුනු සියලු දෙනාටම ස්තුතියි 🙏🏻 මොකද අප්පච්චි කොහේහරි ඉදන් ඒ ආදරේ දැකලා සතුටු වෙනවා…😍. ආරණ්යයා කියන විදියට එයා දැන් හැම තැනම ඉන්නවා ❤️❤️❤️