‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය අද (16) සිට ආරම්භ වනවා.
ඉන්දියාවේ පූනේහි පිහිටි ඉන්දීය හමුදාවේ 330 පාබල බලසේනාවේ දී ආරම්භ වන ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසයට සහභාගී වීම සඳහා යුද හමුදා නිලධාරීන් කණ්ඩායමක් ඉන්දියාව බලා ඊයේ පිටත්ව ගියා.
ඒ අනුව නිලධාරීන් 29 දෙනෙකු සහ සෙසු නිලයන් 94 දෙනෙකුගෙන් යුත් බල ඇණියක් මෙලෙස ඉන්දියාව වෙත පිටත්ව ගොස් තිබෙනවා.
ඉන්දීය හමුදාව සහ ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය සංවිධානය කර තිබෙනවා.
එය ලබන 29 වනදා දක්වා පැවැත්වෙන අතර අන්තර් ක්‍රියාකාරීත්වය, යුධ සහයෝගිතාව, ඒකාබද්ධ උපායික මෙහෙයුම් පැවැත්වීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම, ජාත්‍යන්තර යුද ගැටලු පිළිබඳ අවබෝධය යනාදිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහායි ‘මිත්‍ර ශක්ති’ යුධ අභ්‍යාසය සංවිධානය කර ඇත්තේ.