ළඟදි විවාහ දිවියට එළඹුන කවින්ද්‍යා අධිකාරි ෆේස්බුක් එකේ අපූරු සටහනක් තබලා
ඇය එම සටහනේ කියලා තිබුණේ “ඉඩෝරය හැමදාටම තියෙන්නෙ නෑ… වසන්තය ඉක්මනටම උදා වෙනවා”, ගොඩක් අය හැමවෙලේ ම වගේ මට මේ දේ කිව්වා…කියලයි
“ඉඩෝරය හැමදාටම තියෙන්නෙ නෑ… වසන්තය ඉක්මනටම උදා වෙනවා”, ගොඩක් අය හැමවෙලේ ම වගේ මට මේ දේ කිව්වා…
හැබැයි මට ඒ කවුරුත් විශ්වාස කරන්න තරම් හිතක් ඒ කාලෙ ඉඳන් ම තිබුනෙ නෑ…
කල් යන්න යන්න, ප්‍රශ්න එන්න එන්න, හිතේ ශක්තිය නම් වැඩි උනා කියලා දැනුනා…. ඒත්, ඒ කොහොම උනත් වසන්තයක් ගැන නම් හීනෙකින් වත් බලාපොරොත්තු උනේ නෑ….
හැබැයි මම “විශ්වය” (universe) ගැන හුඟාක් විශ්වාස කරපු කෙනෙක්… හිත යට චූටි කොනක හැම තිස්සෙම පුංචි ම පුංචි බලාපොරොත්තුවක් තිබුනා දවසක කෙනෙක් ඇවිත් ඒ “වසන්තය” මට ලඟා කරයි කියලා…
අන්තිමේ දි එයා ආවා තාවකාලිව නෙමේ, සදාකාලික වසන්තයක් ලෙස මගේ ලඟ ඉන්න….
ගොඩක් අයට හිතන්න පුලුවන්, “ඔයෙ කොච්චර කිව්වත් ඉඩෝරය ලඟ ලඟම ආයෙ එන්න බැරි නෑ”, කියලා…
ඔව්, ඒක ඇත්ත මොකද අපි කරපු සහ කරන පිං/පව් අනුව නෙ අපිට ජීවිතයේ දේවල් ලැබෙන්නේ…
හැබැයි, මම විශ්වාස කරනවා “හිත ශක්තිමත්” දෙන්නෙක් මුණගැහුනාට පස්සේ ඉඩෝරයත් වසන්තය ලෙස භාර ගෙන ඉදිරියට යන්න ශක්තිය තව තවත් ලැබෙනවා කියලා…
හිතේ ශක්තිය දියුනු කිරීම, අත අරින්න එපා මොන ප්‍රශ්නෙ ආවත්, දවසක හැමදේටම “කාලය” උත්තර දෙනවාම යි…
“හිටියොත් හොඳට හැදී, දෙවියොත් නමට වඳී”, කියන්නේ නිකං නෙමේ.…
-කවී-
ඇගේ ජීවිතේට උදාවුණු වසන්තය වසන්තයක්ම වේවා කියලයි අපිත් සුබ පැතුම් එක් කරන්නේ