සිය මංගල දිනයේ දී සිය මනාලියට සහ තවත් තිදෙනෙකුට වෙඩි තබා මනාලයාත් සියදිවි නසා ගැනීමේ පුවතක් තායිලන්තයෙන් වාර්තා වනවා
ඔහු තායිලන්ත පැරා මලල ක්රීඩකයෙකු සහ හිටපු සොල්දාදුවෙකු බවයි පැවසෙන්නේ
29 හැවිරිදි Chaturong Suksuk සහ 44 හැවිරිදි Kanchana Pachunthuek විවාහ වූයේ පසුගිය සෙනසුරාදා ඊසානදිග තායිලන්තයේදීයි .
වාර්තාවල දැක්වෙන්නේ ඔහු හදිසියේම මංගල සාදයෙන් පිටව ගොස් තුවක්කුවක් රැගෙන ආපසු පැමිණ ඔහුගේ බිරිඳට, ඇගේ 62 හැවිරිදි මවට සහ 38 හැවිරිදි සහෝදරියට වෙඩි තබා ඇති බවයි
තවත් දෙදෙනෙකුට වෙඩි වැදී ඇති අතර රෝහල් ගත කිරීමෙන් පසු ඉන් එක් අයෙක් මිය ගොස් තිබෙනවා
ඒ අවස්ථාවේ ඔහු හොඳටම මත්ව සිටි බවත් වෙඩි තැබීමට ඔහුගේ චේතනාව තවමත් පැහැදිලි නැති බවත් එරට පොලිසිය පවසනවා .
සාදයට පැමිණි අමුත්තන් පවසා තිබෙන්නේ මෙම යුවළ සාදය අතරතුර දෙදෙනාගේ වයස සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකර ගත් බවයි.