රයිනි චාරුකා ගුණතිලක කියන්නේ හැමෝම ආදරය කරන දක්ෂ ගායන ශිල්පිනියක්.
ඉතිං ඇයගේ ගීත නිර්මාණවලට මෙන්ම තියෙන නිහතමානීකමට බොහෝ දෙනෙක් ආදරය කරනවා.
රයිනි සිය Facebook ගිණුමේ පසුගියදා ඡායාරූපයක් පළ කරලා තිබුණා,
ඒ ඇය ඊශ්රායලයට ගියා කියලා.
කොහොමවුණත් ඒ ඡායාරූපයට බොහෝ දෙනෙක් Comments දාලා පරිස්සමෙන් ඉන්න කියලා තිබුණා.
මොකද මේ දවස්වල ඉතා දරුණු ලෙස තියෙන ඊශ්රායල – පලස්තීන යුද්ධෙ නිසා.
ඉතිං රයිනිගේ රසිකයෙක් Comment එකකින් අහලා තිබුණා යුද්ධෙ තියෙන වෙලාවක ඊශ්රායලයට යන්න පිස්සුද කියලා.
එයට ප්රතිචාර දක්වමින් රයිනි කිව්වේ මේ යුද්ධෙට කලින් ගත්ත එකක් කියලා.