වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබෙනවා.අද (02) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාව වෙත ගිය දේශබන්දු තෙන්නකෝන් මහතා, දියවඩන නිලමේතුමා විසින් පිළිගත් අතර අනතුරුව ඔහු දළදා සමිඳුන් වැඳ පුදාගත්තා.
ඉන්පසුව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනායක හිමියන් හා එම පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමියන් ද බැහැ දැක වැඩබලන පොලිස්පතිවරයා ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
අනතුරුව අස්ගිරි මහා විහාරයට ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනායක හිමියන් ද බැහැ දැක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ආශිර්වාද ලබාගත් බව සඳහන්.





