රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් කළ ජීප් රථයට සහ ඇමති ආරක්ෂක නිලධාරියෙකුට පහරදීමක් සිදු කර තිබෙනවා.
ඒ රිය අනතුරක් සිදු කිරීමේ සිද්ධියකට අදාළවයි.
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන් කරමින් සිටි ජීප් රථය තවත් මෝටර් රථයක ගැටීමෙන් අද (29) පෙරවරුවේ මාරවිල, මෝදරවැල්ල ප්‍රදේශයේ දී එම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවීමත් සමග මෝටර් රථයේ රියදුරු විසින් ජීප් රථයට සහ එහි සිටි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට පහර දී ඇති බවයි පොලිසිය පැවසුවේ.
පහරකෑමට ලක්වූ ආරක්ෂක නිලධාරියා ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එමෙන්ම අනතුරට සම්බන්ධ රාජ්‍ය අමාත්‍යවරයාගේ රියදුරු සහ පහරදීම සිදු කළ මෝටර් රථයේ රියදුරු යන දෙදෙනාම මාරවිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.