ප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ සහ ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන අලි රාජා සුභාස්කරන් මහතාගේ මැදිහත්වීමෙන් එළඹෙන ජනාධිපතිවරණයට දෙමළ ඩයස්පෝරාවෙන් නියෝජිතයෙකු තරග කිරීම සඳහා ඉදිරිපත් කිරීමේ උත්සහයක් පවතින බවට පළවන පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බව එම සමාගම් අවධාරණය කරනවා.
එම සමාගම් පෙන්වා දෙන්නේ එය හිතාමතාම නිර්මාණය කර පළ කරන ලද අසත්‍ය පුවතක් බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ඩයස්පෝරාවේ අනුග්‍රහය ලබන දමිළ අපේක්ෂකයෙකු ඡන්ද සටනට ඉදිරිපත් කිරීමට ප්‍රබල ව්‍යාපාරිකයෙකු වන අලි රාජා සුභාස්කරන් මහතා කටයුතු කරමිින් සිටින බවට වන පුවතක් අද (31) පුවත්පතක පළ කර තිබුණා.
එහෙත් අලි රාජා සුභාස්කරන් මහතාගේ එවැනි කිසිදු සූදානමක් නොමැති බව අවධාරණය කරන බවයි ඒ මහතා සභාපතිත්වය දරණ සියලු සමාගම් අවධාරණය කරන්නේ.
කිසිදු පිළිගත හැකි මූලාශ්‍රයකින් තොරව හුදු ආරංචි මාර්ග බව පවසමින් ප්රවෘත්ති මූලධර්ම මුළුමණින්ම උල්ලංඝනය වන ආකාරයෙන් අදාළ පුවත නිර්මාණය කර තිබුණා.
පුවත්පතෙහි අදාළ ව්‍යාජ පුවත පළවීමත් සමඟ ඇතැම් විද්‍යුත් මාධ්‍ය එම අසත්‍ය පුවත උපුටා දක්වමින් පටු වාසි ලබා ගැනීමට උත්සහ කරනු දක්නට ලැබුණා.
කෙසේවෙතත් අදාළ පුවත මුළුමණින්ම ප්‍රතික්ෂේප කරන අලිරාජා සුභාස්කරන් මහතා සභාපතිත්වය දරණ සමාගම් නැවතත් අවධාරණය කරන්නේ මෙරට ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට හෝ ඒ සඳහා මාධ්‍ය මෙහෙයුම් දියත් කිරීමට කිසිදු සූදානමක් අලි රාජා සුභාස්කරන් මහතා තුළ නොමැති බවයි.