ඉන්දියාවේ Lyca Productions නිෂ්පාදන සමාගම විසින් සිංහල සිනමාවේ සදා නොමැකෙන චරිතයක් වන විජය කුමාරතුංග මහතාගේ ජීවිත කතාව සිනමා නිර්මාණයක් ලෙස මෙරට රසිකයින් වෙත සමීප කිරීමට නියමිතව තිබෙනවා.
“විජය” නමින් හඳුන්වන එම චිත්රපටයේ කටයුතු ආරම්භ වී ඇති බව නිල වශයෙන් දැනුම්දුන්නා.
ඒ, රංජන් රාමනායක විසින්.
සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්රකාශ කළා.
ඒ, ඉන්දියාවේ දැවැන්තම චිත්රපට සමාගමේ සභාපති අල්ලිරාජා සුබාශ්කරන් මහතා සමග සිටින ඡායරූපයකුත් පළ කරමින්.