ජනප්රිය රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකාගේ මව දම්ම්කා ෆොන්සේකා මහත්මිය ශ්රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ(07) දිනයේ අභාවප්රාප්තවී තිබෙනවා .
ප්රවීණ රංගවේදිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ බාල සොයුරු වූ නැසීගිය උපාලි ෆොන්සේකා මහතාගේ බිරිඳ වූයේ දම්ම්කා ෆොන්සේකා මහත්මියයි
මිය යනවිට ඇය 76 වැනි වියෙහි පසු වූවා .
දේහය අද (08) සවස 3.00 සිට බොරැල්ල ජයරත්න රෙස්පෙක්ට් හවුස්හී (Respect House) තැන්පත් කොට තිබෙන අතර, අවසන් කටයුතු හෙට (09) සවස 4.00 ට බොරැල්ල පොදු සුසාන භුමියේදී සිදුකෙරෙන බවයි පැවසෙන්නේ .