ප්‍රවීණ ගායන ශිල්පිනි සමිතා එරන්දති මුදුන්කොටුවගේ උපන්දිනය අදයි.
ඇයට බොහෝ පිරිසක් සුබ පැතුම් එක් කර තිබෙනවා
සමිතාගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරී සුබ පැතුම් මෙලෙස එක් කර තිබුණා
🌸 අම්මා ඔයාට සුබ ම සුබ උපන්දිනයක් වේවා…
මම හිතනවා අම්ම ට දුවෙක්ගෙන් වෙන්න ඕන යුතුකම් මම shape එකේ ඉටු කරනවා කියලා…
අම්ම ගෙ දුව වෙන්න ලැබුන එක මගේ වාසනාව/පින…
මම ආදරෙයි මහ ගොඩාක් ඔයාට.
මට අම්මා ගෙ ජීවිතේ මම්ම ගෙ අඩුව පුරවන්න බෑ කවදාවත්… ඒත් මම දන්නවා එයාත් ඔයාව කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා කියලා…
මම ලඟ හිටියත්, දුර හිටියත් ඔයා ගැන හැමදේම හැම තප්පරේම මම බලනවා… මල්ලී මමයි ඔයාව හයියෙන් එදා වගේම අල්ලං ඉන්නවා… ඊට සමානව අම්ම ට දැන් චීනෝ උයි දනිදු බබා ත් ආදරෙයි.
අපි දෙන්නා ජීවිතේ මුහුණ දුන්න දේවල් එක්ක අපි දෙන්නට දෙන්නා කොච්චර එකට අඬලා ඇති ද?, හැබැයි, අපි දෙන්නා කවදාවත් වැටුනේ නෑ… කොහොමහරි ඒ හැමදේටම මුහුණ දීලා අද වෙනකොට අපි දෙන්නා ගෙ හිත් කොච්චර ශක්තිමත් වෙලා ද?
ජීවිතේ අපිට ආව, එන, එන්න තියෙන හැමදේටම මම දන්නවා අපි එදාට වැඩිය දහස් ගුනයකින් ශක්තිමත් ව මුහුණ දෙනවා කියලා…
අපේ ජීවිතේ මේ ඉන්න විදිහටම ලස්සනට ඉස්සරහට යමු. අපේ ජීවිත අසම්පූර්ණ වෙලා තිබුනා කාලයක්, දැන් ඒ හිස් තැන් ඔක්කොම සම්පූර්ණයි…
අපි දින්නා අම්මේ❤️🙏🏼
බුදුසරණයි මගේ රත්තරං අම්මිට🌸
-අක්කි-