ජනප්රිය රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකාට කොයි කවුරුත් ආදරය කරනවා.
පසුගිය කාලවකවානුවේ ඇයගේ ජීවිතයේ දුක්බරම සිදුවීම් දෙකක් සිදු වුණා.
ඒ, පියාගේ සහ මවගේ වියෝව.
කොවිඩ් ආසාදනය වීම නිසා මීට වසර දෙකකට පමණ පෙර ඇයගේ ආදරණීය පියාණන් අභාවප්රාප්ත වූ අතර ආදරණීය මෑණියන් ද පසුගියදා හදිසියේම වියෝ වුණා.
ඉතිං මේ ගැන ඉතාමත් සංවේදී සටහනක් සෙනාලි පළ කරලා තිබුණා.