ජාතික ගීය කියන්නේ රටක අනන්‍යතාවය විදහා දක්වන සුවිශේෂී අංගයක්.
අපි අද මේ කියන්න යන්නේ අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙන ජාතික ගී වලට වඩා ගොඩක් වෙනස් ජාතික ගීයක් ගැනයි.
ඒ තමයි ස්පාක්ඤයේ ජාතික ගීය ගැන.
මෙහි සුවිශේෂත්වය තමයි මේ ජාතික ගියේ lyrics නොමැති වීමයි
ඒ කියන්නේ ස්පාක්ඤයේ ජාතික ජාතික ගියේ පද වලින් තොරයි ඒ වගේම එහි අන්තර්ගත් වෙන්නේ සංගීතයක් පමණයි.
ස්පාඤ්ඤයේ ජාතික ගිය හඳුන්වන්නේ ‘Marcha Real’ කියලා…. සමහර අය මේකට හමුදා ගීයක් කියලත් කියනවා.
ස්පාඤ්ඤයේ වගේම Bosnia – Herzegovina, Kosovo සහ San Marino යන රටවල් තුනෙත් ජාතික ගියේ පද රහිතයි කියලත් කියනවා.
‘Marcha Real’ කියන ජාතික ගිය 1761 දී ස්පාඤ්ඤ පාබල හමුදාවට ගමන් කිරීමට රචනා කළ තනුවක් .
Manuel de Espinosa තමයි මේ තනුව නිර්මාණය කරලා තියෙන්නේ.
1770 ගණන් වලදී, චාල්ස් III එය ස්පාඤ්ඤයේ නිල ගමන ලෙස ප්‍රකාශයට පත් කළ අතර පසුව එය රටේ ජාතික ගීය බවට පත් වුණා.
කිහිප දෙනෙක්ම මේ තනුවට පද රචනා කලත් ස්පාඤ්ඤය රජය ඒ කිසිවක් අනුමත කරලා නැහැ.
කෙසේ වෙතත් මේ ජාතික ගියේ පද සහිතව ගායනා කරනවා අපිට අහන්න ලැබුනත් මේ වෙනකොට එගි නිල ජාතික ගිය ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ ‘Marcha Real’ පද රහිත ගියයි.