රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙකු මියගොස් තිබෙනවා.
කටුනායක අධිවේගී මාර්ගයේ අද (25) අළුයම සිදුවූ රිය අනතුරකින් ඔහු මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.
සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ සුඛෝපභෝගී රථය, කන්ටේනර් රථයක පිටුපස ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරීයා සහ රියදුරු රථයේ සිට ඇති බව සඳහන්.
අනතුරින් බරපතළ තුවාල ලැබූ සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනා රාගම රෝහලට ඇතුලත් කර තිබෙනවා.
එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මියගොස් ඇති අතර ඔහු සමග ගමන් කළ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ද අනතුරින් මියගොස් තිබෙනවා.