ඔස්ට්‍රියානු චිත්‍ර ශිල්පී Gustav Klimt විසින් නිර්මාණය කළ බවට විශ්වාස කෙරෙන ලද සිතුවමක් වසර 100කට පමණ පසු වියානා නගරයෙන් හමුව තිබෙනවා
“Fraulein Lieser ගේ ප්‍රතිමූර්තිය” වරක් ඔස්ට්‍රියාවේ යුදෙව් පවුලකට අයත් වූ අතර එය අවසන් වරට ප්‍රසිද්ධියේ දකින්නට ලැබුණේ 1925 දී බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ
මෙවැනි දුර්ලභ, කලාත්මක වැදගත්කමකින් සහ වටිනාකමින් යුත් සිතුවමක් මධ්‍යම යුරෝපයේ කලා වෙළඳපොලේ දශක ගණනාවක් තිස්සේ නොතිබුණ බවයි im Kinsky වෙන්දේසි ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.
මෙම සිතුවම අප්‍රේල් 24 දින වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන අතර සිතුවමේ වටිනාකම ඩොලර් මිලියන 54 ඉක්මවන බවයි im Kinsky වෙන්දේසි ආයතනය සඳහන් කරන්නේ
වෙන්දේසියට පෙර මෙම සිතුවම එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, ජර්මනිය සහ හොංකොං ඇතුළු විවිධ ජාත්‍යන්තර ස්ථානවල ඉදිරිපත් කිරීමට නියමිතයි .