ගෝලීය වශයෙන් වගේම ඉන්දියාවෙත් ප්රසිද්ධ කෑමක් තමයි බටර් චිකන් කියන්නේ.
ඉතිං මේ බටර් චිකන් රෙසිපි එක මුලන්ම හඳුන්වා දුන්නේ තමන්ගේ අවහන්හල කියලා ඉන්දියාවේ දිල්ලි නුවර පිහිටි මෝති මහල් අවන්හල, ධර්යාගන්ජ් අවන්හලට විරුද්ධව අධිකරණ ක්රියාමාර්ග අරන් තියෙනවා.
බටර් චිකන් විතරක් නෙවෙයි ඉන්දියාවේ තවත් ප්රසිද්ධ කෑමක් වන ඩාල් මඛානිරෙසිපි එකටත් නඩු දාන්න පියවර අරන්.
මෝති මහල් අවන්හලේ නිර්මාතෘ කුන්දන් ලාල් ගුජ්රාල් 1930 වසරේ දී පළවෙනි අවන්හල ආරම්භ කිරීමේ දී බටර් චිකන් ව්යාංජනය හදුන්වා දුන්නා කියලයි මෝති මහල් අවන්හල ධර්යාගන්ජ් අවන්හලට නඩු පවරලා තියෙන්නේ.
ඒ අනුව ඔවුන් පිටු 2752 කින් යුත් පෙත්සමක් දිල්ලි අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ඔවුන් සදහන් කරන්නේ ඩාල් මඛානි රෙසිපි එකත් තම අවන්හල විසින් හදුන්වා දුන් බවයි.
ඒ කොහෝම වුණත් මේ සියලු චොදනා ධර්යාගන්ජ් අවන්හල ප්රතික්ෂේප කරනවා.
මේ නඩු විභාගය පසුගියදා දිල්ලි අධිකරණයේදී විභාගයට ලක්කෙරුණා.
මීළග නඩු විභාගය ලබන මැයි මාසයේ දී විභාග කිරීමට නියමිතයි.
ඊටපස්සේ අපි බලමු බටර් චිකන්වලට මොකද වෙන්නේ කියලා.