ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන නවතම ටෙලිනාට්‍යය ලලයි ලිලයි ලයි.
අද (13) සිට සතියේ සෑම දිනකම රාත්‍රී 9.00ට විකාශය වීමට නියමිතව තිබෙනවා.
ලලයි ලිලයි ලයි ටෙලිනාට්‍යයේ දර්ශනය වන ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
මේ ගමේ ඉන්නවා පරම්පරාවෙන් වලව්කාර පවුලක්.හැබැයි ඒ පරම්පරාගත ප්‍රෞඩත්වය දැන් ඒ මිනිස්සුන්ට රැක ගන්න පුළුවන්කමක් නෑ.මොකද ඊට වඩා මුදල් තියෙන පිරිස් ගමේ පදිංචි වෙලා වෙනම තත්ත්වයක් ඔවුන් පවත්වාගෙන යනවා.අපි මේ කිව්ව වලව් පරම්පරාවේ ඉන්නේ ආච්චි සීය ,අම්මා තාත්තා,දුව පුතා සහ බල්ලා. දුවගෙනම තනුෂ්කා පුතාගෙනම ධනුෂ්ක.මේ දෙන්නගේ තාත්තා ප්‍රාදේශීය වාර්තාකරුවෙක් විදිහට තමයි වැඩ කරන්නේ.
මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
මේ වත්ත භාරව ඉන්න සුපිරින්ටන්ගේ පවුලෙ ඉන්නෙ, සුපිරින්ටන් එයාගේ වයිෆ් දුව පුතා සහ ලොකු බල්ලෙක්.මේ සුපිරින්ටන් පවුලේ දුවත් එක්ක ධනුෂ්කගේ ආදර සම්බන්ධයක් පවතිනවා කවුරුත් දන්නෙ නැතුව.
එතකොට මේ සුපිරිත්ටන් පවුලේ පුතා තනුෂ්කාගේ ප්‍රේමය බලාපොරොත්තුවෙන් වීරක්‍රියා කරනවා.
හැබැයි මේ ගැන අම්මල අම්මල තාත්වල කවුරුවත් දන්නෙ නෑ .ඔන්න ඔය අතරේ තමයි අර අපි කලින් කියපු සියදිවි නසා ගැනීම සිදු වෙන්නේ.සුපිරින්ටන් මේක මාධ්‍යයෙන් වසන් කරන්න හදනකොට අපේ ප්‍රාදේශීය වාර්තාකරුවා ගිහිල්ල මේක හොරාට ඡායාරූපගත කරනවා.ඒ නිසා මේ සිදුවීම විශාල කතාබහකට ලක්වෙනවා.
ඔය අතර වත්තෙ අයිති පවුලෙ දුවෙක් වත්තේ පරිපාලනයට සම්බන්ධ වෙන්න මේ ගමට එනවා.ඇය ඉතාම රූමත්.ධනුෂ්කගේ හදවත ආදරේ දෙකට බෙදනවා.
තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
මේ විදියට විවිධ හැලහැප්පීම් ඇතුලේ ත්‍රාසය, කුතුහලය විනෝදය සහිතව දිගටම ගලාගෙන ගෙන යන මේ කථාව නරඹන්න අද සිට ඔබට අවස්ථාව හිමි වෙනවා.




