තරිඳු නිර්මාණ කරුණානායක නැතිනම් කවුරුත් දන්න රැට්ටා, ගෙවුණු අතීතය ගැන මෑතකදී මතකයක් අවදි කරලා තිබුණා.
නැතිවෙන්න කිසිවක් නැතිව බින්දුවෙන් පටන් ගත්තු ගොඩක් දෙනෙක් ජීවිතේ බොහෝ දුරක් ගිහින් තිබෙනවා .
රැට්ටාත් එහෙම කෙනෙක්. ඔහුගේ මුහුණු පොතේ සටහන් කරලා තිබුණු කතාවක් පහලින් බලන්න පුළුවන්.
ජීවිතේ සමහර කාල වලදී අපට සමහර දේවල් මග හැරෙන්නේ, වෙන්න තියෙන හොඳම දේ ඒක නිසා වෙන්න පුළුවන්.
රැට්ටාගේ කතාවත් එහෙම එකක්. අද වෙනකොට සංගීතයෙන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයෙන් වගේම තවත් පැති ගණනාවකින් ඉදිරියට එන්න ඔහුට පුළුවන් වෙලා.
අලු, දුහුවිලි මතින් නැගිටපු චරිත අතර රැට්ටා කියන්නෙත් එක උදාහරණයක්.