ලංකාවේ මෑතකදී කාන්තාවන්ගේ ඇඳුම් පිළිබඳව වැඩි වශයෙන් කතා බහකට ලක්වුණා.
පාසල් ගුරුවරුන්ගේ ඇඳුම් වෙනස්කිරීම සම්බන්දව බොහෝ උණුසුම් වාද විවාද ඇති වුණා.
මේ අතරේදී නීතිඥවරියන්ගේ ඇඳුමද වෙනස් කිරීමට උසාවියෙන් අවසර ලැබී තිබෙනවා.
ගැසට් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ නීති සංශෝධනය අනුව මෙම නව ඇඳුම් කේතය ක්‍රියාත්මක කර තිබෙනවා කියලා තමයි ආරංචි වෙන්නේ.
ඒ අනුව ඔවුන්ට කලිසම්, බ්ලවුස් හෝ සුදුසු සයක් වුවත් ඇඳීමේ නිදහස ලබාදීලා තිබෙනවා.
සුදු, කළු, අව සුදු (OFF WHITE), අළු හෝ ළා දම් පැහැති සාරිය සහ හැට්ටය එක් ඇඳුමක් ලෙසත් කළු කලිසම සහ සුදු පැහැති බ්ලවුස්, කළු කබාය සහ සපත්තු තවත් විකල්ප ඇඳුමක් ලෙසත් හඳුන්වා දී තිබෙනවා.
කලිසමේ දිග වළලුකර දක්වාත් වාඩි වී සිටිනවිට සාය දණහිසට පහළ වන තෙක් තිබිය යුතු බවත් සඳහන් වනවා.