වෙන්වීමක් කියන්නේ තීව්ර හා වේදනාකාරී අත්දැකීමක්.
එයට සම්බන්ධ දෙපාර්ශ්වයටම ඉමහත් වේදනාවක් ඇති කළ හැකි දෙයක්.
තමන් ආදරය කරන කෙනාව අතහරින එක සමහර දෙනෙකුට දරාගන්න අමාරු අත්දැකීමක්. එත් තවත් සමහරෙක්ට එහෙම නෑ.
චීනයේ එක් පිරිමියෙක් තම හිටපු පෙම්වතියට සමුදීමට අකමැති වූ අතර, ඔහු ඇයව නැවත දිනා ගැනීමේ උත්සාහයක නිරත වුණා.
ඒ උත්සාහය මුළු ලෝකයේම කතාබහට ලක්වුණු කාරණයක් වුණා.
මේ තරුණයා තම හිටපු පෙම්වතියගේ කාර්යාලයෙන් පිටත වැස්සේ දණින් වැටී පැය 21 ක් ගත කළේ නැවත ඇයගේ ආදරය ලබාගන්න බලාපොරොත්තුවෙන්.
මෙම සිදුවීමේ පින්තූර සහ වීඩියෝ මේ වන විට චීනයේ සමාජ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති අතර බොහෝ දෙනා පවසන්නේ මෙම පුද්ගලයාගේ ක්‍රියාව තරුණියන් හට දැවැන්ත “රතු කොඩියක්” බවයි.
ඒ වෙනත් ආදරයක් සොයාගනිමින් විවිධ හේතු කියා බොහෝ තරුණියන් ආදරය තුල තරුණයින් අතරමන් කරන බව පවසමින්.
වර්ෂාව සහ සීතල සමඟ පොරබදමින්, ඔහු ඇගේ කාර්යාලයෙන් පිටත දණින් වැටී රෝස මල් කළඹක් අතැතිව පෙම්වතියගේ ආදරය නැවත ලැබෙන තෙක් බලා සිට තිබෙනවා.
මේ අතර, ප්‍රදේශවාසීන් ඔහු වටා එක්රොක් වී ඔහුගේ උත්සාහය අත්හරින ලෙස ඉල්ලා සිටි බව ඇතැම් වීඩියෝ සහ ඡායාරුප ඔස්සේ තොරතුරු අනාවරණය වී තිබූ අතර ඔහු තම උත්සාහය ඒ කිසිවන් නිසා අත නොහැර තිබෙනවා.