මිනුවන්ගොඩ, ඕපාත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් ඇයගේ පෙම්වතා විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.
එම තරුණයාත් ඕපාත ප්‍රදේශයේම පදිංචිකරුවෙක් කියලා තමයි ආරංචි වෙන්නේ.
දෙදෙනා අතර ප්‍රේම සබඳතාවයක් තිබී ඇති අතර බාල වයස්කාර පෙම්වතිය එම සබඳතාවය බිඳ දැමීම හේතුවෙන් මෙම තරුණයා දිගින් දිගටම ඇයට තර්ජනය කර තිබෙනවා.
ඒ හේතුවෙන් දැරියගේ පවුලේ පිරිස ඇයව මොනරාගල ප්‍රදේශයේ ඥාති නිවසක නතර කිරීමටද කටයුතු කර තිබුණා.
මෙම තරුණයා එම නිවසට පැමිණ බාල වයස්කාර දැරියව බලහත්කාරයෙන් රැගෙනගොස් තිබෙනවා.
වැල්ලවාය පොලිසිය විසින් මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භකර තිබෙන නමුත් මේ වන තෙක් එම දැරිය සම්බන්ධව තොරතුරක් වාර්තා වෙලා නෑ කියලා තමා ආරංචි වුණේ.