දක්ෂ රංගන ශිල්පිනියක් වන ශලනි තාරකා ළඟදීම විවාහ වීමට නියමිතව තිබෙනවා.
කෙසේ වෙතත් ඇයගේ ආදරවන්තයාගේ උපන්දිනයට සුබපැතුම් එක් කරමින් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණේ මෙලෙසින්
” ආදරෙන් දුක් විදපු හැම කෙල්ලෙකුටම හම්බවෙන්න ඕනි
ඔයා වගේ කොල්ලෙක්..
අඩන්න හේතු දාහක් තියෙද්දි
හිනා වෙන්න එක හේතුවක් දිලා
හිත සනසන ඔයා වගේ පිරිමියෙක්..
තරහගන්න දේවල් ඇස්දෙකට පෙනෙද්දි
ඉවසන්න උගන්නපු
භාවනාවක් වගේ කොල්ලෙක්..
අත නොතියපු නාමල් හැමෝම හොයද්දි
කටුපිරිනු රෝසමලකට වටිනාකමක් දෙන
හිතහයිය පිරිමියෙක්..
මිනිස්සු දාහක් ගල් ගහද්දි
නොසෙලවී රැකගත්ත
ඔයා වගේ පිරිමියෙක්…
අවුරුදු තුනක් පුරාවටම හැමදාම මට හිනාවෙලා ඉන්න හේතු දුන්නට, ඇත්ත ආදරේ මොකක්ද කියලා ඉගැන්නුවට, ඒ විස්වාසයට,ඉවසීමට ,කවදාවත් ඇහැට කදුලක් නොදුන්නට ස්තූතියි මැණික.
ඇත්තමයි ආදරෙන් අසීමාන්විතව දුක් විදපු හැම ගැහැනියකටම අවසානයේ හරි සැනසෙන්න හමුවෙන්න ඕනි ඔයා වගේ පිරිමියෙක්.
අපි අපේම වෙන්න තව ටික දවසයි.
ඔයාව මට හම්බ වුනාට හැමදාම මං දෙවියන්ට ස්තූති කරනවා.”