අභාවප්රාප්ත ප්රතිභාපූර්ණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතාට අවසන් ගෞරව දක්වන්න විශාල පිරිසක් මේ වන විට ඒ මහතාගේ නිවසට පැමිණෙමින් සිටිනවා.
ඊයේ දිනයේ ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය බොරැල්ලේ පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබූ අතර කලාකරුවන් බොහෝ පිරිසක් ඔහුට අවසන් ගෞරව දක්වන්න එම ස්ථානයට පැමිණ සිටියා.
ඒ අතර ජනප්රිය රංගන ශිල්පිනි ශලනි තාරකා ද සිය මව සමග දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණියා.
ඇය සිය Facebook ගිණුමේ ජැක්සන් ඇන්තනී මහතා පිළිබදව සටහනක් තබා තිබුණා.
“ඊලග වැඩේ මං උඹව ඩිරෙක්ට් කරනවා පුතේ”
අමතක නොවේ
ලස්සන රුවේ..
සිත සැනසුවේ..
සුභගමන් සර්..
නපුරු මිනිස්සු නැති ලස්සන ලෝකෙක ආයෙත් හමුවෙමු…