බළලුන් සහ සුනඛයන් 400කට වැඩි ප්‍රමාණයක් ස්පාඤ්ඤයේ නීති විරෝධී සත්ත්ව වෙළදාම් ජාවාරම් ජාලයකින් බේරාගෙන ගෙන තිබෙනවා
නීතිවිරෝධී කණ්ඩායමක් ලාභ ඉපැයීම සඳහායි මෙලෙස නීති විරෝධී සත්ත්ව වෙළදාමේ යෙදී තිබෙන්නේ
සතුන් විකිණීමට පෙර නැගෙනහිර යුරෝපයේ සිට ඇන්ඩෝරා හරහා නීති විරෝධී ලෙස ස්පාඤ්ඤයට මොවුන් ආනයනය කළ බවට තොරතුරු වාර්තා වනවා
එමෙන්ම සතුන් විකිණීම සඳහා ඔවුන් නිරෝගී බවට ව්‍යාජ ලේඛන සකස් කළ බවට ද ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා
චෝදනා රැසකට පුද්ගලයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ස්පාඤ්ඤය පසුගිය මාසයේදී සතුන් විකිණීම සහ හිමිකාරිත්වය පාලනය කරන නීති දැඩි කරමින් නීතියක් සම්මත කරනු ලැබුවා
ඒ අනුව සුරතල් සතුන් ගබඩාවල තැබීම ,ඒවා විකිණීම තහනම් කිරීම මෙයට ඇතුළත් වන අතර උල්ලංඝණය කිරීම් සඳහා සිරගත කිරීම් හෝ යුරෝ 200,000 දක්වා දඩ මුදලක් නියම කළ හැකි බවයි වාර්තා වන්නේ