කොයි කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි මහේෂි මධුශංකා කියන්නේ.
ඉතිං පසුගියදා ඇය විවාහ සංවත්සරය වෙනුවෙන් කරපු දේවල් නිසා බොහෝ දෙනෙකුගේ අවධානය ඇය වෙත යොමු වෙලා තිබුණා.
කොහොමවුණත් මේ කියන්න යන්නේ මහේෂිගේ සැමියා ගැන විශේෂ දෙයක්.
මහේෂිගේ සැමියා ශ්රී ලංකන් ගුවන් සේවයේ තමයි සේවය කළේ.
ඒ වසර 20ක පමණ කාලයක සිට..
ඒත් මහේෂිගේ සැමියා ශ්රී ලංකන් ගුවන් සේවයට සමු දීලා.
ඒ Emirates ගුවන් සේවයේ කපිතාන්වරයෙකු ලෙස ඔහුට සේවය කරන්න ලැබිලා තියෙන අවස්ථාව නිසා.
එහි විශේෂත්වය වෙන්නේ Emirates 380 කපිතාන්වරයෙක් වශයෙන් තේරුණු පළවෙනි ශ්රී ලාංකිකයා මහේෂිගේ සැමියා වීම.
ඒ ගැන මහේෂිත් සිය Facebook ගිණුමේ සටහනක් තබා තිබුණා.
ආයුබෝවන් ශ්රී ලංකන් ගුවන් සේවය අවුරුදු විස්සක් තිස්සේ මගේ ආදරණීය ස්වාමිපුරුෂයා හරිම ගෞරවයෙන් ආදරයෙන් රැකියාව කරපු තැන… මේ ඔහුගේ ශ්රී ලංකන් ගුවන් සේවයේ අවසන් දවස… Emirates 380 කපිතාන්වරයෙක් වශයෙන් තේරුණු පලවෙනි ශ්රී ලාංකිකයා ඔයා වීම ගැන මගේ හිතේ තියෙන්නේ ලොකු නිහතමානී ආඩම්බරයක් සහ සතුටක් …. ඔයාට සුභ පැතුම් මෙච්චර ලොකු ගමනක් ඔයාට යන්න පුළුවන් උනේ ඔයාගේ තියෙන හැකියාව දක්ෂකම නිහතමානී කම සහ රැකියාවට තියෙන ගෞරවය නිසා කියලා මම හිතනවා ඒ තීරණය ගන්න හේතුව ඇත්තටම ශ්රී ලන්කන් ගුවන් සේවයේ වරදක් නෙමෙයි අපි ලෝකෙ කොහේ හිටියත් ශ්රී ලන්කන් ගුවන් සේවයට ගොඩක් ආදරෙයි…❤️