සිව් හැවිරිදි ඊශ්‍රායල-අමෙරිකානු දැරියක් ඊයේ (26) මුදා හරින ලද ප්‍රාණ ඇපකරුවන් 17 දෙනා අතරවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා
ඔක්තෝබර් 7 වනදා දකුණු ඊශ්‍රායලයට එල්ලවූ ප්‍රහාරයේදී හමාස් සංවිධානය විසින් ඇයව පැහැරගෙන ගොස් තිබුණා
Avigail Idan නැමැති මෙම දැරිය හමාස් තුවක්කුකරුවන් විසින් ඇගේ දෙමාපියන්වද ඝාතනය කිරීමෙන් පසුව ප්‍රාණ ඇපයට ගෙන ඇති බවයි පැවසෙන්නේ
ඇයගේ ලොකු නැන්දා වන Liz Hirsh Naftali සහ ඇගේ ඥාති සොහොයුරිය වන Noa Naftali පවසන්නේ “Avigail ආරක්ෂිතව නිවසට පැමිණීම ගැන කෘතඥතාව ප්‍රකාශ කිරීමට වචන නොමැති බවයි .
එමෙන්ම ඔවුන් දැරියව නිදහස් කර ගැනීමට සම්බන්ධ වූ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් , කටාර් රජයට සහ අනෙකුත් අයට ස්තූතිය පළ කළ ඇති අතර ඉතිරි ප්‍රාණ ඇපකරුවන්ද නිදහස් කරන ලෙස ඉල්ලා සිටිනවා.