35 හැවිරිදි වියේ පසුවූ දකුණු අප්‍රිකාවේ ජනප්‍රිය සංගීත ශිල්පිනී Zahara ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
සම්මානලාභී දකුණු අප්‍රිකානු ඇෆ්‍රෝ-පොප් ගායිකා Bulelwa Mkutukana, Zahara ලෙසින් ප්‍රසිද්ධියට පත්ව සිටි බවයි එරට සංස්කෘතික අමාත්‍යවරයා නිවේදනය කර තිබෙන්නේ
පසුගිය මාසයේදී පවුලේ අය ඇය රෝහල් ගත කර ඇති බව තහවුරු කර තිබුණා
පසුව ඇය සඳුදා(11) රාත්‍රියේ ජොහැන්නස්බර්ග් රෝහලකදී අභාවප්‍රාප්ත වූ බව රජයේ SABC ප්‍රවෘත්ති වෙබ් අඩවිය වාර්තා කර ඇති නමුත් ඇයගේ පවුලේ අය තවමත් නිල ප්‍රකාශයක් නිකුත් කර නැහැ
මෙම ශිල්පිනිය 2011 දී අප්‍රිකාව පුරා ආදරය කරන ලද Loliwe ඇල්බමය සමග කීර්තියක් දිනා ගත් අතර ඇල්බම් පහක් නිකුත් කළ Zahara දේශීය හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගෙන තිබෙනවා