2024 ජනවාරි මස පළමුවනදා සිට ක්රියාත්මක වන පරිදි ජංගම දුරකථන ඇමතුම් ගාස්තු, අන්තර්ජාල ගාස්තු සහ රූපවාහිනී ගාස්තු ඉහළ දැමීමට අදාළ සමාගම් තීරණය කර තිබෙනවා.
ඒ සිදුවීමට නියමිත VAT බදු සංශෝධනයට අනුවයි.
මේ සම්බන්ධයෙන් දුරකථන සමාගම් විසින් සිය පාරිභෝගිකයින් දැනුවත් කරමින් නිල දැනුම්දීම් සිදුකර තිබෙනවා.
15%ක්ව පැවති VAT බද්ද 18% දක්වා ඉහළ දැමීමට පසුගියදා පාර්ලිමේන්තුවේ දී අනුමැතිය හිමි වුණා.