ජනප්‍රිය රංගන ශිල්පිනි ඕෂධී හේවාමද්දුම සිය ජීවිතයේ සුවිශේෂී උපන්දිනයක් තමයි මෙවර සමරුවේ.
ඒ, ඇයගේ 40 වන උපන්දිනය.
හැබැයි බොහෝ දෙනෙක් කියන්නේ එයාට නම් අවුරුදු 40ක් කියලා හිතන්නවත් බැහැ කියලා.
කොහොමවුණත් ඕෂධී නම් කියන්නේ සමහැර කාන්තාවන් වයස හැංගුවාට මම නම වයස හංගන්නේ නැහැ කියලා.
මොකද මේ 40ට 100ක වැඩ ඇය කරලා තියෙන නිසා.
Cheers to 40 . But I’m not naughty
1984 ජනවාරි 03 උපන් මේ පින්වත් කුමරියට, දැන් ඉතින් 40ක්…
සාමාන්‍යයෙන් කතාවට කියන්නෙ , කාන්තාවො වයස හන්ගනවා කියලනෙ.. හැබැයි මට නම් කවදාවත් එහෙම ඕනි වුණේ නෑ, මොකද මම මේ 40 ට 100 වැඩ කරල තියෙනව, ජයග්‍රහණ ලබල තියෙනව, පාඩම් ඉගෙනගෙන තියෙනව, එකී මෙකී නොකී සෑහෙන දේවල් කරල තියෙනව. මගේ ජීවිතේ ඒ ඒ කාල වලදි, ඒ ඒ කාලෙට අවශ්‍ය දේවල් මම කරල තියෙනවා..
මම තාමත් හිතන්නෙ දැන් තමයි මගේ ජීවිතේ හරි විදියට පටන් ගන්නෙ කියලා.. ජීවිත අත්දැකීම් එක්ක තෙම්පරාදු වෙලා, හරි ගිහිල්ලා , වැරදිලා ඒ හැමදේකින්ම පාඩම් ඉගෙනගෙන ජීවිතේ හරියටම පටන් ගන්නෙ දැන්..
මම හැමතිස්සෙම හැමෝටම කියන්නෙ මෙච්චරයි.. අපි හමෝම අවුරුදු සිය ගණන් ජීවත් වෙන්නෙ නෑ.. මේ කෙටි කාලය තුල තමන්ගෙ ජීවිතේ තමන් ආස දේවල් කරන්න.. අභියෝග බාරගන්න.. අභියෝග කියන්නෙම ජීවිතේට motivation එකක්..ඒ ඒ වයස් වලදි, ඒ ඒ අදාල දේවල් කරන්න.. ඇරියස් එක්ක වයසට යන්න එපා..
ප්‍රධානම දේ තමයි, අනිත් හැමෝටම වඩා තමන්ට ආදරේ කරන්න.. තමන් වෙනුවෙන් කැපවෙන්න.. එතකොට ජීවිතේ හැමදාමත් ලස්සනයි..
ඔන්න ඉතින් 40 කියලා ඇන්ටි.. ඇන්ටි ගාගෙන එන්න එහෙම එපා.. හරිද.. මෙච්චර කල් මට අක්කෙ කියපු 40++ කට්ටිය ඒ කොනට…
දැන් ඉතින් හරි වයස දැනගත්තනෙ.. 40 වුණාට මම නම් හිතන් ඉන්නෙ මට තාම 20 කියලා.. මොකද මට නම් වයස කියන්නෙ ඉලක්කමක් විතරමයි…