මේ පුවත වාර්තා වෙන්නේ ජෝර්ජියාවෙන්.
Amy Khvitia සහ Ano Sartania කියන්නේ උපතින් එක සමාන නිවුන් දරුවන් දෙදෙනෙක්.
නමුත් මේ දෙන්නා උපන් ගමන්ම එයාලාගේ අම්මාගෙන් වෙන් කරලා වෙනම පවුල් දෙකකට විකුණලා තියෙනවා.
2005 වසරේ දී තමයි මේ සිදුවීම සිද්ද වෙලා තියෙන්නේ.
කොහෝම හරි මේ දෙදෙනා එකික්නෙකාට හමුවෙලා තියෙන්නේ රූපවාහිනී වැඩසටහනක් සහ ටික්ටොක් වලින්.
Amy සහ Anoගේ මව වන Aza Shoni 2002 වසරේදී උපත් සංකූලතා හේතුවෙන් කෝමා තත්වයට පත්වෙලා තිබෙනවා.
ඒ අවස්ථාවේදී පියා වන Gocha Gakharia, Amy සහ Anoව වෙනම පවුල් දෙකකට දෙන්න පියවර අරන්.
ජෝර්ජියාවේ දහස් ගණන් දරුවන් රෝහල්වලින් සොරකම් කරලා අලෙවි කිරීමේ ජාවාරමක ප්රතිඵලයකින් තමයි මේ දෙදෙනාව වෙන් වෙලා තියෙන්නේ.
ජෝර්ජියාවේම නගර දෙකක හැඳී වැඩුණු මේ දෙදෙනාට ඔවුන් දෙදෙනාම හමුවෙන්නේ වයස අවුරුදු 12 දී.
මේ වන විට ඔවුන් දෙදෙනා තමන්ගේ ඇත්ත දෙමාපියන් සොයමින් සිටිනවා.
කොහෝම වුණත් මේ දෙදෙනාගේ සිදු වීමෙන් පස්සේ ජෝර්ජියානු බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවෙලා තියෙනවා
මේ දරුවන් විකිණීම සම්බන්ධයෙන්.
1960 වසරේ සිට 2006 වසර දක්වා 100,000 ආසන්න දරුවන් පිරිසක් මෙම කාලසීමාව තුළ විකුණා ඇති බවයි වාර්තා වන්නේ.