බිපාෂා බාසු සහ කරන් සිං ග්රෝවර් බොලිවුඩ් ක්ෂේත්රයේ වඩාත්ම ආදරය කරන යුවළක්.
ඒ වගේම තමයි බොලිවුඩයේ රංගන ශිල්පිනියන් අතර සරාගීම නිළියක් ලෙස බිපාෂා බාසු හඳුන්වන්න පුළුවන්.
බිපාෂා බාසු සිය සැමියා කරන් සිං සමග ගත් ඡායාරුප කිහිපයක් අද ඔවුන්ගේ ඉන්ස්ටර්ග්රෑම් පිටුවේ පළ කරමින් සඳහන් කර තිබුණේ ඇය ගැබ් ගෙන ඇති බවයි.
ඇය එම ඡායාරුප කිහිපය පළ කර තිබුණේ අපුරු සටහනක් ද දමමින් ,
“නව කාලයක්, නව අවධියක්, නව ආලෝකයක් අපගේ ජීවිතයේ ප්රිස්මයට තවත් අද්විතීය සෙවනක් එක් කරයි. අපිව ඉස්සරට වඩා ටිකක් සම්පූර්ණ කරනවා. අපි මේ ජීවිතය තනි තනිව පටන් ගත්තා, ඊට පස්සේ අපි එකිනෙකා හමුවෙලා එතැන් පටන් අපි දෙන්නෙක්. දෙන්නෙක්ට විතරක් වැඩි ආදරයක්, අපිට පේන එක ටිකක් අසාධාරණයි වගේ…ඉතා ඉක්මනින්ම දෙන්නෙක් වෙලා හිටපු අපි දැන් තුන් දෙනෙක් වෙනවා. අපේ ආදරයෙන් ප්රකාශ වූ නිර්මාණයක්, අපේ බබා ළඟදීම අපිත් එක්ක එකතු වෙලා අපේ සතුට වැඩි කරයි.”