වයස අවුරුදු 13ක දැරියක් දූෂණය කළ පැවසෙන එම දැරියගේ මවගේ අනියම් සැමියාව හලාවත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 27 ක් වන පුද්ගලයෙකි.
සැකකරු කොහු කර්මාන්ත ශාලාවක කම්කරුවෙකු ලෙස සේවය කරමින් සිට ඇත.
36 හැවිරිදි මව හා දියණිය පදිංචිව සිට ඇත්තේ, සැකකරු සේවය කරමින් සිටි කොහු කර්මාන්ත ශාලාවේ කම්කරු නිවාසයකය.
දැරියගේ මව ද එම කර්මාන්ත ශාලාවේ සේවය කර තිබේ.
දැරියගේ පියා මියයෑමෙන් පසුව මව සැකකරු සමග අනියම් ඇසුරක් පවත්වා ඇති බවට අනාවරණය වී ඇත.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට කරන ලද පැමිණිල්ලක් අනුව සිදුකරන විමර්ශනයකින් පසුව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය වසරේ ජූලි මාසයේ සිට වරින් වර සැකකරු තමන් දුෂණය කළ බව අතවරයට පත්ව ඇති දැරිය පොලීසිය හමුවේ පවසා ඇත