රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව විරෝධතා දැක්වීමට උඩුකය නිරුවත් වීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මේ පිළිබඳ වීඩියෝවක් ට්විටර් හි පළ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ.
පැරිසියේ අයිෆල් කුළුණ ඉදිරිපිට කාන්තාවන් උඩුකය නිරුවතින් විරෝධතාවයේ නිරත වන අයුරු දැකගත හැකිය.
ඔවුන් තම සිරුරේ යුක්රේන ධජය පින්තාරු කර ඇති අතර යුද්ධයට විරෝධය පළ කරමින් සටන් පාඨ ද ඇඳ තිබෙනවා.
‘යුද්ධය නවත්වන්න පුටින් ’ සහ ‘යුද්ධයට එරෙහි ස්ත්‍රීවාදීන්’යනාදී සටන් පාඨවල සඳහන් වනවා.