ලොව වටා ගිය ලාබාලතම ගුවන් නියමුවා බවට පත්වීමට බෙල්ජියම් ජාතික 17හැවිරිදි මාර්ක් රදෆර්ඩ් සමත්ව තිබෙනවා.
ඒ මීට මාස පහකට ප්රථම ගුවන් ගමන ඇරඹු මාර්ක් ඊයේ (25) බල්ගේරියාවේ සොෆියා ගුවන් තොටුපලට ගොඩ බැස්වීමත් සමගයි.
මාර්ක් රදෆර්ඩ් දින 142ක කාලයක් තුළ ගුවනේ පැය 221රැඳී සිට තිබූ අතර ගමන් කර තිබූ සමස්ත දුර ප්රමාණය කිලෝමීටර් 54,124ක් වනවා.
මහද්වීප හතරකට අයත් රටවල් 30ක එම කාලය තුළ පියාසර කර තිබු අතර එහිදී ගොඩබැස්වීම් හා පිටත්වීම් 68ක් මාර්ක් රදෆර්ඩ් විසින් සිදු කර තිබුණා.
ඔහු මෙම සංචාරය සඳහා ශාක්ලට් මාදිලියේ සැහැල්ලු ගුවන් යානාවක් භාවිතා කර තිබු බවයි වාර්තා වන්නේ.