නෙළුම් කුලුනේ මෙහෙයුම් සැප්තැම්බර් 15 වනදා ආරම්භ කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා,
මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමත් සමඟ ඕනෑම අයෙකුට ප්‍රවේශ පත්‍රයක් ලබාගෙන මෙම අත්දැකීම විඳිය හැකි අතර ඒ සඳහා වන ප්‍රවේශ පත්‍රයක් රුපියල් 500ක් සහ රුපියල් 2000ක් වන අතර විදේශිකයෙකු විසින් එක්සත් ජනපද ඩොලර් 20ක ප්‍රවේශ පත්‍රයක් ලබාගත යුතුයි.
රුපියල් දෙදහසේ ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්නා ඕනෑම අයෙකුට පෝළිම්වල රැදී නොසිට පරිශ්‍රයට ඇතුළුවිය හැකි අතර, අවස්ථා කිහිපයක් වුවද කුළුණේ ඉහළට යා හැකි වනවා.
රුපියල් 500 ප්‍රවේශ පත්‍රය ලබාගන්නා අයෙකුට කුළුනේ ඉහළට යා හැක්කේ එක් වතාවක් පමණක් වන අතර ඉදිරි මාස කිහිපයේදී ප්‍රවේශ පත්‍රය වෙනුවට QR කේතයක් හඳුන්වාදීමට නියමිතයි.