බිත්තර සදහා නියම කර ඇති මිලට වඩා වැඩි මිලකට අලෙවි කල බලන්ගොඩ නගරයේ ව්යාපාරික ස්ථානයකට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ වැඩබලන මහේස්ත්රාත් ඒ. එමි . එස්. මැණිකේ මහත්මිය නියෝග කර ඇති බව වාර්තා වනවා,
සුදු බිත්තර 4 ක් රැපියල් 260 ක මිලකට අලෙවි කිරීමේ චෝදනාවට වැරදි කරුවු මෙ වෙළෙඳ ආයතනයට එසේ දඩ නියම කෙරුණා.
උපාය දුතයකු මගින් අදාල වෙළඳ ආයතනයෙන් මිල දි ගත් බවත් එක් බිත්තරක් රුපියල් 65 බැගින් බිත්තර හතරක් සඳහා රුපියල් 260 ක මුදලක් අයකර ගෙන ඇති බවත් පාරිභෝගික අධිකාරියේ නිළධාරින් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
වරද පිළිගත් අදාල ආයතනය වෙත බලන්ගොඩ වැඩ බලන මහේස්ත්රාත් ඒ.එමි.එස්. මැණිකේ මහත්මිය විසින් එම ලක්ෂ පහක දඩ මුදල මෙලෙස නියම කළා.
රත්නපුර පාරිභෝගික අධිකාරියේ දිස්ත්රික් ප්රධානි උදය නාමල්ගම මහතාගේ උපදෙස් පරිදි වැටලීම සිදුකර තිබුණා.