හත් අවුරුදු දැරියකට අමානුෂික ලෙස පහරදී මරා පොහොර කවරයකට දමා එයට ගල් පුරවා පතලකට දමා ඇති පුවතක් දෙල්වල ප්රදේශයෙන් වාර්තා වනවා.
වර්ණකලසූරිය මුදලිගේ හංසිකා හර්ෂණී කුමාරි නැමැති දැරියක එසේ ඝාතනය කර ඇතැයි පොලිසිය සඳහන් කළා.
එම ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව ඇතුළු කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවත් අඹුසැමි යුවළක් ද මෙම ඝෘතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව ද පොලිසිය පවසනවා.
ප්රදේශයෙන් පලාගොස් ඇති ප්රධාන සැකකරු බවට සැකකරන පුද්ගලයාට ස්ත්රී දූෂණ, ළමා අතවර, පුද්ගලයන්ට ඇසිඞ් ගැසීම්, සොරකම්, නීති ව්රෝධී මත්පැන් ජාවාරම වැනි දරුණු ගණයේ අපරාධ ගණනාවකට චෝදනා ලද්දකු බවයි පොලිසිය සඳහන් කළේ.