කොටදෙනියාව පොලිස් වසමේ බඩල්ගම අකරන්ගහ පදිංචිව සිටි සේයා සදෙව්මි පස් හැවිරිදි දැරිය නිදි ඇඳේ සිටියදී පැහැරගෙන ගොස් අතවර කොට මරා දැමීමේ සිද්ධිය ඔබට මතක ඇති.
2015 වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා සේයා සදෙව්මි දැරිය නිදි ඇඳේ සිටිය දී පැහැර ගැනීමට ලක්වූ අතර 13 වැනිදා ඇගේ නිරුවත් මළ සිරුර නිවසට තරමක් නුදුරින් ඕතර වෙල් යායේ අරවින්දවත්ත ඇළ මාර්ගයක් අසබඩ තිබීයදී සොයා ගනු ලැබුවා.
මේ පුංචි මල් කකුළ තලා දමා මේවන විට වසර හතක ගතව තිබෙනවා.
පාපතරයන් මිලින වූ මේ මල් කකුළ සිගිකර ඇගේ පවුලේ පිරිස පසුගිය දා සේයාගේ සොහොන අසළට ගොස් ඇයව සිගිකර තිබුණා.
සේයා සදෙව්මි සිහි කළ ඒ අවස්ථාවේ ලබාගත් ඡායාරූප සමාජ මාධ්‍යවල පළව තිබූ අතර ඉන් කිහිපයක් පහතින් දැක්වෙනවා.