අරණායක ප්‍රදේශයේ අම්බලමක තිබී පියෙකුගේ සහ දරු දෙදෙනෙක්ගේ සිරුරු හමුවූ පුවතක් පෙරේදා (05) වාර්තා වුණා. එම මරණ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මේවනවිට වාර්තා වී තිබෙනවා.
මේ වෙනකොට සිදුකරන පොලිස් පරීක්ෂණවලින් හෙළිව තිබෙන්නේ මියගිය පියත් දරුවන් දෙදෙනාත්, විදෙස්ගත මවත් සමග ආරවුලක් ඇතිකරගෙන තිබෙන බවයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මේ කාරණය හෙළිදරව් කළා.
කාලයක් තිස්සේ තම බිරිඳ නිවසට ගෙන්වාගැනීමට මේ සැමියා උත්සහකර තිබෙනවා. ඒත් බිරිඳ එය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරලා. අවසානයේ මේ පුද්ගලයා හය හැවිරිදි පුතත්, නම හැවිරිදි දුවත් ඝාතනය කරලා ඔහුත් දිවි නසාගෙන තිබෙනවා කියලා පොලීසිය වැඩිදුරටත් සඳහන් කලා.
කෑගල්ල මහ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාත් සමග, මාවනැල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේ මූලික පරීක්ෂණ සිදුකර තිබෙනවා.